දොරින් දොරට - කප්රුක” ජාතික වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(06දින ) පැවති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව පොල් ආශ්‍රිතව පවතින රූපලාවන්‍ය නිෂ්පාදන, පොල් කිරි ආශ්‍රිත ආහාර සඳහා වන අමුද්‍රව්‍ය, පොල් වතුර ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදනද විදේශයන් වෙත අපනයනය කිරීමට රජය කටයුතු කරමින් පවතින බවත්, පසුගිය වසරේ දී සමස්ත පොල් කර්මාන්තයෙන් විදේශ ආදායම ඩොලර් මිලියන 600ක් පමණ වන ආදායමක් මෙරට උපයා ඇති බවත්, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
මීට අමතරව පොල් කටු අඟුරු යොදාගෙන සිදුවන සක්‍රීය කාබන් ආශ්‍රිත නිෂ්පාදන සඳහා මෙරට අමු ද්‍රව්‍ය යොදාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසිය.