පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කර අධිකරණ ක්ෂේත්‍රය දියුණු කිරීමට ක්‍රියාමාර්ග ගන්නවා- අධිකරණ අමාත්‍ය

    ජූලි 07, 2021

    අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කරමින් අධිකරණ ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය.

    අධිකරණ අමාත්‍යාංශයට අදාළ පනත් කෙටුම්පත් කිහිපයක් පිළිබඳ  ඊයේ (06) පැවති පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ඉක්මනින් නඩු අසා අවසන් කිරීමට අධිකරණ ක්ෂේත්‍රයට ලබා දිය යුතු උපරිම යටිතල පහසුකම් ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා මේ වන විටත් අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අක්කර 6 ක භූමි ප්‍රමාණයක නව අධිකරණ සංකීර්ණයක් ඉදිවෙමින් පවතින බවත්, 2023 වර්ෂය වන විට නව උසාවි 50ක් ස්ථාපනය කරන බව පැවසීය.

    මෙරට ජනගහනයෙන් ලක්ෂ දහයකට සිටින්නේ විනිසුරුවරුන් පහළොස් දෙනෙකු පමණක් බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා, ඉදිරියේදී එම සංඛ්‍යාව දෙගුණයක් දක්වා වැඩි කරගැනීම බලාපොරොත්තුව යැයිද පැවැසුවේය.

    මෙරට සිටින නඩුකාරවරුන් ප්‍රමාණය 340 ක් බවත් ඒම ප්‍රමාණය කිසි සේත් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ,ඉදිරියේදී විනිසුරුවරුන් 76 දෙනකු පත් කර ගැනීමටද කටයුතු යොදා ඇති බව පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ මේ වන විටත් නව උසාවි 7ක් ඉදි කර අභියාචනාධිකරණ විනිසුරුවරුන් 08 දෙනෙක් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 06 පත් කළ බවය.

    අධිකරණ පද්ධිතයම ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරඇති බවත් මෙම වසර අවසානයේ ලංකාව පුරා තිබෙන අධිකරණ අතුරින් තෝරා ගත් අධිකරණ 42ක් සම්පූර්ණ ඩිජිටල්කරණය කරන බවද කිය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya