බස්නාහිර පළාතේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි සියලුම දෙනා මේ මස 31 වෙනිදාට පෙර එන්නත් කරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ද තීරණය කළේය . ඒ අනුව ගැබිනි මව්වරුන්ට ද එම අවස්ථාව උදාවී තිබේ. වයස අවුරුදු 30 හෝ ඊට වැඩි ගැබිනි මව්වරුන්, රුධිර පීඩනය ,දියවැඩියාව,ඇදුම ආදී රෝගාබාධවලින් පෙළෙන ගැබිනි මව්වරුන් ,සමාජයෙ වැඩි අවදානමක් දරන රැකියා සඳහා යන ගැබිනි මව්වරුන් අනිවාර්යයෙන්ම කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම සුදුසු බව නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නිර්දේශයයි .
ගර්භණී කාන්තාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම පසුගියදා ආරම්භ කළ අතර ,මේ වන විට ගර්භණී කාන්තාවන් මේ වන විට 300ක් පමණ එන්නත් ලබාගෙන ඇත . කොව්ඩ් ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා නිසි පරිදි එන්නත් ලබා ගැනීම ප්‍රායෝගිත බව විද්‍යාත්මක මතය වන අතර කොව්ඩ් ආසාදනය වීමෙන් ගර්භනී කාන්තාවන් දොළොස් දෙනෙකු මේ වන විට මියගොස් ඇත .
මේ දිනවල එන්නත්කරණ වැඩටහන සදහා සායනවලින් ලබා දෙන විස්තර පත්‍රිකාවට නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පුර්ව අනුමැති ලබා නොමැති අතර අනවශ්‍යය දුර්මත ඇතුළත් එම විස්තර පත්‍රකව නොසළකාහරිමින් විවිධ දුර්මත වලට අවධානය යොමු නොකර ,එන්නත් ලබා ගන්නා ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, ගැබිනි මව්වරුන්ට යළි යළිත් අවධාරණය කරයි .