පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් හිස්ව තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමසමට දන්වයි

    ජූලි 07, 2021

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අසුන හිස්ව තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් මැතිවරණ කොමසමට දැනුම් දෙයි

    පාර්ලිමේන්තු මන්ත්‍රී කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා මහතා 2021 ජූලි 06 වන දින සිට බල පැවැත්වෙන පරිදි තම පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වූ බව තම අත්සන යටතේ ලිපියකින් දන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා යවා තිබේ.

    ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවර‍යාගේ අසුන හිස්ව ඇති බව 1988 අංක 35 දරන ඡන්ද විමසීම් පනතින් සංශෝධිත 1981 අංක 01 දරන මැතිවරණ පනත යටතේ දැනුම් දෙන බව මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවූ ලිපියේ සදහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya