පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    පරිසරයට හානිවන කිසිදු සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නෑ - පරිසර අමාත්‍ය

    ජූලි 07, 2021

    පරිසරයට හානිවන කිසිදු සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය ඉඩ ලබා නොදෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේ දී පරිසරය සම්බන්ධව විපක්ෂයේ මන්ත්‍රිවරු විසින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

    සංවර්ධන කාර්යයකට ඉඩ ලබාදෙන්නේ නම්, ඒ සඳහා සම්පූර්ණ පරිසර අධ්‍යයනයක් සිදු කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා,එසේ නොමැතිව සංවර්ධන කටයුතු සඳහා අවස්ථාව නොදෙන බව පැවසීය.

    මුතුරාජවෙල තෙත් බිමට අබලි ද්‍රව්‍ය බෙහැර කිරීම කාලයක් තිස්සේ සිදුව තිබෙන බවත් ඒ සඳහා පාතාලය පවා ක්‍රියාත්මකව තිබූ බවත් කී අමාත්‍යවරයා, මේ වන විට එම ක්‍රියාකාරකම් නවතා දැමීමට ක්‍රියාකළ බව කීය.

    මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධව තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවත් ඒ පිළිබඳව තොරතුරු ඇත්නම් ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනම් සහන ලබාදීමට ක්‍රියාකරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya