ඒ අනුව මෙරට පාසල් 10155ක් වන සියලු ම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇති බව ද ඒ මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බැව පැවසූයේ අද (07) ඉසුරුපාය පරිශ්‍රයේ දී මාධ්‍ය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අතිගරු ජනාධිපතිතුමාගේ සෘජු මැදිහත්වීම නිසා මෙම කටයුත්ත ඉතා ඉක්මනින් අවසන් කරගැනීමට අවස්ථාව ලැබී ඇත. ඒ අනුව අද උදෑසන සියලු ම පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ සෞඛ්‍ය අංශ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව මෙම තීරණයට එළඹෙන ලදී. ඒ අනුව විදුහල්පතිවරු සහාය කාර්යය මණ්ඩලයක් පත්කොට ඒ ඒ මධ්‍යස්ථානවලට යවා ගුරුවරුන් හඳුනා ගැනීම සිදුකරනු ලබන අතර සියලු ම ගුරුවරුන්ට ප්‍රමුඛ කණ්ඩායමක් ලෙස සලකා, පාසල් හැකිතාක් ඉක්මනින් විවෘත කිරීමට හැකිවන පරිදි, ප්‍රථම පියවර වශයෙන් එන්නත්කරණය සිදු කෙරේ. එමෙන් ම දූ දරුවන් සඳහා පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ පිරිවෙන් විවෘත කිරීමට අපේක්ෂිත ය. මේ අයුරින් පාසල් දිගින් දිගට ම වසා තැබීම කළ නොහැකි අතර මෙම වැඩපිළිවෙළ ඉක්මනින් අවසන් කල හැකි බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ද සහභාගී විය.