මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලිවෙන් යු (Liwen Yue) මහතා විසින් ග්‍රන්ථයේ මුල් පිටපත මෙසේ අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්නුවේය.
අධ්‍යක්ෂ ලිවෙන් යු (Liwen Yue) මහතා සහ චාමර රන්මණ්ඩල මහතා විසින් රචිත “THE PEARL OF THE SILK ROUTE” ග්‍රන්ථය පසුගිය වසර 6ක කාලය තුළ චීන සංස්කෘතික මධ්‍යස්ථානය ඔස්සේ කළ සුවිශේෂි වැඩසටහන්වල ආවර්ජනයකි.
2014 සැප්තැම්බර් මස 16 වැනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මෙරට සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂී ජි පිං මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු ආසියාවේ පළමු චීන සංස්කෘතික මධ්‍යස්ථානය මෙරට දී ආරම්භ විය.
එතැන් පටන් එහි අධ්‍යක්ෂ ලෙස අඛණ්ඩව සේවය කළ ලිවෙන් යු (Liwen Yue) මහතා සිය සේවා කාලය නිම කොට සිය රට බලායන බව මෙහි දී අග්‍රාමාත්‍යතුමාට සැල කර සිටියේය