රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය, කලාපීය සහයෝගීතාවය සහ ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂයන් පිළිබදව පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ අදහස් දක්වමිනි.
සාමාන්‍යයෙන් විදේශ ප්‍රතිපත්තියක් සෑදීමේදී දේශීය ප්‍රතිපත්තියේ දිගුවක් වශයෙන් සාදන බවත්, ඉතිහාසය දෙස බැලීමේදී එක්දහස් නවසිය පනස් ගණන් වල සිට අපි නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවද, මෙවර අපි නොබැදි ප්‍රතිපත්තිය අනුගමනය කරන ගමන්ම ස්වාධීන රටත් වශයෙන් විදේශ ප්‍රතිපත්තිය නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙහිදී වැදගත්ම කරුණක් වනුයේ අප රට පළමු වතාවට ඉලක්කගත කාරණා 20ක් ඇතුලත් කරමින් විදෙස් ප්‍රතිපත්තිය සැකසීම බවද අවධාරණය කළේය.
අප රටේ විදේශ ප්‍රතිපත්තිය ඉතිහාසයේ සිටම මූලික වශයෙන් දේශපාලනික පාර්ශවය අනුගමනය කළ බවද, එහෙත් මෙවර එහි වෙනසක් සිදුකරමින් ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවය අනූව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා සිංගප්පූරුව වැනි රටවල් අනුගමනය කරන විදේශ ප්‍රතිපත්ති මෙන් ආර්ථිකය පැත්තට වැඩි අවධානයක් යොමුකරමින් රටට වාසිදායක වන පරිදි විදේශ කටයුතු මෙහෙයවීමටත්, ආයෝජන රටට පැමිණෙන ආකාරයට, මෙන්ම අපට අපනයනය කිරීමට හැකිවන පරිදි වෙළදපොල සැකසෙන අයුරින් ඉදිරියට ගෙනයාමට හැකිවන ලෙස විදේශ ප්‍රතිපත්තිය සකස් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල විදේශ අමාත්‍යංශයට වෙළද අමාත්‍යංශයත් බද්ධ වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, තවදුරටත් ප්‍රකාශ කළේ, දේශපාලන පාර්ශව ගැන සළකා බලන ගමන්ම ආර්ථික වශයෙන්ද රටට වාසියක් වන පරිදි තානාපතිතුමන්ලා යොදා ගනිමින් සබඳතා වැඩිකර ගනිමින් රටට වාසිදායක ලෙස වැඩකිරීමට හැකි වන අයුරින් කලාපීය සහයෝගීතා අමාත්‍යංශය විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය කර ඇති බවය.
ඉදිරි වසර කිහිපයේදී ආර්ථික වර්ධන වේගය වැඩියෙන්ම සිදුවන්නේ ආසියානු කලාපයේ වන බැවින් වැඩි අවධානයක් ආසියානු කලාපයට යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
අපි විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමේ දී අපේ රටේ දේශීය ප්‍රතිපත්තිය පාවා නොදෙන ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බව මෙන්ම රටේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම සාකච්ඡාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ද එක්විය.