ඒ මහතා පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දෙන අවස්ථාවේ පක්ෂයේ අනෙකුත් මැති ඇමතිවරු සිය ආසන වලින් නැගිට සුබ පතුම් පල කළේ ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල්රාජපක්ෂ මහතාගේ නම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙනු ලැබිණ.
ඒ අනුව මැතිවරණ කොමිසම ඊයේ (07), බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගත් බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය.
2007 වසරේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේය. අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැද පාර්ලිමේන්තුවට පිවිස, ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය හෙබවීය. කොවිඩ් වසංගතය හමුවේ රජය ගෙන යන ක්‍රියාකාරකම් රැසකට මූලිකත්වය දුන් බැසිල් රාජපක්ෂ මහතා, කොවිඩ් මර්දන කමිටුවේ සාමාජිකයෙකු ලෙස විශාල මෙහෙවරක් ඉටු කළේය. “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සහ “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ” ප්‍රධානී ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරයි.
බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්නේය.