පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක්

    ජූලි 08, 2021

    රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය.

    අමාත්‍යාංශ සංශෝධනයත් සමග මොහාන් ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබිණ.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya