එළෙඹන ජූලි මස 15 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්ය කේන්ද්‍ර කර ගනිමින් නව විශ්ව විද්‍යාලයක් ඉදි වන බව පැවසූ අමාත්‍යවරයා හෙඳියන් සහ ගුරුවරු පුහුණු කිරීමේ සහ උපාධි ලබා දීමේ ආයතනයන් ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බවද කීය.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පනත් කෙටුම්පත පිළිබඳ අද (08) පැවති පාර්ලිමේන්තු විවාදයට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කෙළ්ය.
ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයක් නොවන බවත් එහි පාඨමාලා සකස්කිරීම,ගුණාත්මකභාවය ඇගයීම,මූල්‍ය පරිපාලය ආදී කටයුතු සඳහා මෙම පනත මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉඩ ලැබෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිළි කළේය.