ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නවතම මාර්ගෝපදේශයන්ට අනුව ඊයේ (07) දින සිට මෙරටට පැමිණෙන සංචාරකයින් කොවිඩ් මර්ධන එන්නත් දෙකම ලබාගෙන ඇත්නම් එම සංචාරකයින්ට නිරෝධායනය නොවී සංචාරය කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්වූ සංචාරක ව්‍යාපාරය පසුගිය පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් විශාල පසුබෑමකට ලක් වූ බවත්, එම සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන් රැක ගැනීම රජයේ යුතුකම බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්ව සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සඳහා විවිධ පියවර ගෙන ඇති බව පැවසීය.
සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක් ලබා දීම, ලීසිං පහසුකම් යටතේ ලබා ගත් සංචාරක බස් රථවලට අදාළ ලීසිං පහසුකම් ගෙවීමට සහන කාලයක් ලබා දීම එලෙස ගත් පියවර කීපයකි. සංචාරක ව්‍යාපාරය සඳහා ණය සහන ලබා දුන්නද මේ සඳහා ස්ථිර විසඳුමක් අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එසේ නොමැති වුවහොත් මෙමගින් යැපෙන මිලියන 03ක් පමණ ජනතාව අන්ත අසරණ තත්වයට පත්වන බව කීවේ ය.
සංචාරක බුබුළු ක්‍රමවේදයට මෙරටට පැමිණි කිසිදු සංචාරකයෙක් මඟින් කොවිඩ් පොකුරු ඇති වීමට ඉඩ නොතැබූ බවත් කොවිඩ් තුන්වන රැල්ල හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය තවත් පසුබෑමකට ලක් වූ බව පෙන්වා දුන්නේය.