පිළිගත් දේශපාලන පක්ෂ 07 කින් මේ වන විට යෝජනා ලැබී තිබෙන අතර, ලබන 15 වැනිදා දක්වා එම පක්ෂවලට යෝජනා ඉදිරිපත් කළ හැකි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
එකී යෝජනා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට යොමු කළ හැකිය.
මැතිවරණ හා ජන්ද විමසීම් නීති ප්‍රතිසංස්කරණට අදාළව 2021 ජූනි මස 30 වැනි දින දක්වා මහජනතාවගෙන් ලැබුණු යෝජනා සභාගත කිරීම සහ එම යෝජනා වල සාරාංශය සළකා බැලීමද පැවැති කාරක සභාවේ දී සිදු විය.
සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ වලට අදාළව විද්වත් කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.
මෙම කාරක සභා රැස්වීමට කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩග්ලස් දේවානන්දා, යන මහත්වරුද රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාද , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක,කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම්, යන මහත්වරු ද සහභාගි වූහ.