පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    මුතුරාජවෙල තෙත්බිම් කලාපය ගොඩ කිරීමට රජය කිසිසේත් කටයුතු කරන්නේ නෑ

    ජූලි 09, 2021

    මුතුරාජවෙල තෙත්බිම් කලාපය ගොඩ කිරීමට රජය කිසිසේත් කටයුතු නොකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (09)පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පසුගිය 7 වනදා මුතුරාජවෙල තෙත්බිම් කලාපය ගොඩ කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය .

    මුතුරාජවෙල තෙත්බිම් කලාපය ඇතුළුව හෙක්ටයාර හය දාහක භූමි ප්‍රමාණයක් සංරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත එල්එන්ජී බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගන්නා බව කී අමාත්‍යවරයා ව්‍යාප්තිය නිසා සිදුවන පරිසර බලපෑම් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට විශේෂ කමිටුවක් පත්කර ඇති බවද සඳහන් කළේය .

    එල්එන්ජී සහ සුළං විදුලි බලාගාර පිහිටවීම මෙරටට අත්‍යවශ්‍ය බවත් එමගින් පරිසරය ආරක්ෂා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තවද පාර්ලිමේන්තුවේ ඇති සීඩී සහ අනෙකුත් පොත් හේතුවෙන් විශාල පරිසරයක් හානියක් වෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේ දී paperless පාර්ලිමේන්තුවක් ඇති කිරීම අත්‍යාවශ්‍ය බවත් පෙන්වා දුන්නේය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya