ඒ මහතා මේ බව කියා සිටියේ, "6 වැනි ජාතික අනතුරු වැළැක්වීමේ සතිය" වෙනුවෙන් අද (09) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිණි.
රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගෙන් වැඩි පිරිස හදිසි අනතුරු හේතුවෙන් බවත් පැවසූ ඒ මහතා,රෝහල් ගතවන සෑම පුද්ගලයන් 5කින් හෝ 6කින් එක් අයකු හදිසි අනතුරු හේතුවෙන් බව ද පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 1/5ක් පමණ වෛද්‍ය ප්‍රතිකාරයක් ලැබීමට හැකි වන ආකාරයේ අනතුරක් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. පුද්ගලයන් වැඩි පිරිසක් රෝහල්ගත වන්නේ, වැටීම් නිසා බව පෙන්වා දෙන ඒ මහතා, රථවාහන අනතුරු ,සත්ව සපා කෑම් , විෂවීම්, දියේ ගිලීම් , විදුලිසැර වැදීම් හේතුවෙන් ද රෝගහල්ගත වන බව පැවසීය.
හදිසි අනතුරු නිසා වසරකට මිය යන සංඛ්‍යාව 12000ක් පමණ වන බව පෙන්වා දෙන සිරිතුංග මහතා, දිනක දී එම ප්‍රමාණය පුද්ගයන් 32- 35ත් අතර වන බව පැවසීය.
හදිසි අනතුරුවලට ලක්වන්නේ සාමාන්‍ය ජනතාව වන බැවින් ඔවුන් නිසි ආකාරව දැනුවත් කිරීමෙන් හදිසි අනතුරු වළක්වා ගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය සඳුදා ආරම්භ වූ අනතුරු වැළැක්වීමේ සතිය අද අවසන් වෙයි.