අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (09) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට zoom පහසුකම ඔස්සේ එක්වෙමිනි.
රජය 2020-2021 කාලය ඇතුළත කාබනික පොහොර වෙනුවෙන් රුපියල් බිලියන 1 1/2 ක මුදලක් වැය කොට ඇති බවද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවට වග කියන ප්‍රධානතම ආයතනය කෘෂිකර්ම අමාත්‍යංශය බව පෙන්වා දෙන අමාත්‍යවරයා, කාබනික පොහොර මෙරට නිෂ්පාදනය සහ බෙදා හැරීම පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කෙරෙන බවද මේ වන විට යළ කන්නයේ වී වගාවට පමණක් 5%ක පොහොර ගිඟතාව හැර යල කන්නයට කිසිදු රසායනික පොහොරවල හිඟයක් නොමැති බවද පැවසීය.
රටේ හේකටයාර ලක්ෂ 15ක ප්‍රමාණයක වී , එළවළු , රබර් ,තේ වැනි භෝග වගාකෙරෙන අතර ඒ බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර නිර්දේශ ලබා ගැනීමටත් ජෛව පොහොර ලබා දීමටත් කෘෂිකර්ම අමාත්‍යංශය නිර්දේශ කළ බවද අමාත්‍යවරයා පැවසීය. අවශ්‍ය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය ගොවිජන සේවා මධ්‍යස්ථනවල සිදු කෙරේ.
රසායනක පොහොර සඳහා රජය රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් වැය කළ අතර හෙක්ටයාරයකට රුපියල් 12500 බැගින් ගොවියාට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලබාදීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පොහොර සමාගම් 4කට බෙදී ගිය මෙම මුදල ගොවීන් ලක්ෂ 20ක් අතරේ බෙදී යන බවද ආයතන ගණනාවක් මේ වන විට මහා පරිමාණයෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට එක් ව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
ගොවීන් ලක්ෂ 2ක් මේ වන විටත් කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම සඳහා ලියාපදිංචි වී ඇත. ජෛව පොහොර නිෂ්පාදනය සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති බවද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.කාබනික පොහොර භාවිතය නිසා ගොවියාගේ අස්වැන්න හිඟයක් ඇති බන බව පෙනී ගියහොත් ගොවියාගෙන් වී කිලෝවක් මිලදී ගන්නා මුදල රුපියල් 60ක් බවට පත්කරන බවද අමාත්‍යවරයා පවසයි.