විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ යෝජනාව ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
අමාත්‍යවරයා සිටියේ, මෙරට ජනතාවට සර්වජන ඡන්ද බලය හිමිකර දී මේ වසරට වසර 90 ක් සපිරෙන බවත් එවැනි කාලයක ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ඒකඟතාවෙන් ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා, තමන්ගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු කාරක සභාවක්ද පත් කර ඇති බවය.
එමඟින් පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ සර්ව පාක්ෂික සාකච්ඡා පවත්වන බවද පැවසූ සභානායකතුමා වැඩිදුරටත් කියා සිටියේ එම කාරක සභාවේ රැස්වීමක් ද 07
වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති බව අමාත්‍යවරයා කීය
මන්ත්‍රීවරයාගේ යෝජනාව වූයේ මෙරට තරුණ තරුණයන් සඳහා අවම වශයෙන් ඡන්දයකදී 25% ක නාම යෝජනා සහතික කරන නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බවයි. මෙම යෝජනාව, මැතිවරණ ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත් සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුම් දුන්නේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ, කාන්තා නියෝජනය වැඩි කිරීමට දැඩි වෙහෙසක් දරා පළමු පනත ඉදිරිපත් කළ බවත් එහි සාර්ථක ප්‍රතිඵල පසුගිය පළාත් පාලන ඡන්දයේදී දැකගත හැකි වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.