කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වනදයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්තේ, ප්‍රසන්න රණවීර යන මහත්වරු සහභාගී වූහ.
1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලද මෙම නියෝග 2020 මාර්තු මස 02 වැනි දිනැති අංක 2165/1 සහ 2021 අප්‍රේල් මස 01 දිනැති අංක 2221/49 යන ගැසට් පත්‍රවල පළ වී ඇත.
මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැතිපුද්ගලයන්ට මැණික් ගැරීම සදහා වූ බදු ඔප්පු මගින් අදාළ බලපත්‍රය ලබා ගැනීමට හැකියාව මේ අනුව ලැබෙන බව මෙහිදී අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීහු පැවසූහ.
කර්මාන්ත කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මාර්ගගත තාක්ෂණය හරහා සම්බන්ධ කර ගැනීම මෙහිදී සිදුවිය.