2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වෙනි දිනට පෙර පළමු වරට විකාශය වී අවසන් වූ රූපවාහිනී නිර්මාණ හා වැඩසටහන් පමණක් මෙහි දී සළකා බලයි.
අයදුම්පත සමග විකාශය වු අදාළ කලා නිර්මාණය හෝ වැඩසටහන DVD Playable මාධ්‍යයෙන් පමණක් ඉදිරිපත් කළ යුතුවේ. ඔබ විසින් ඉදිරිපත් කරන සෑම තරග අංශයක් සඳහාම අයදුම්පත සමග DVD පිටපතක්/ පිටපත් වෙන වෙනම ලබා දිය යුතු වේ. එම අයදුම්පත්‍රය ලියුම් කවරයක බහා, ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ 2021 රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ හා තරග අංශය (විස්තර පත්‍රිකාවේ සඳහන් වන පරිදි) සඳහන් කර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ඒ අනුව අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 08 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට තැපැල් මගින් එවිය හැකිය. නො එසේනම් අතින් ගෙනැවිත් භාර දියහැකිය.
මේ පිළිබඳ වැඩි විස්තර සඳහා මුහුණුපොත (https://www.facebook.com) ,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් (culturaldept.gov.lk ) ලබාගත හැකිය. 0112882534 දරණ දුරකතන අංකය ඇමතීමෙන් ද විස්තර ලබාගත හැකිවේ.