ජාතික අධ්‍යාපන ආයතනය යනු රටෙහි පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, සමානාත්මභාවය සහ ඉගැන්වීමේ ක්‍රමවේදවලට මූලිකත්වයක් ලබාදෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධය සඳහා වූ ප්‍රධානතම ආයතනය වේ.
යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ වෛද්‍ය සහයකයින්ගෙන් සමන්විත වු හමුදා වෛද්‍ය කණ්ඩායම මෙම එන්නත්කරණ ව්‍යාපෘතියට දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රසංශාවට ලක්විණි.
අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් අඛණ්ඩව සිදුකරගෙන යනු ලබන එන්නත්කරණ ක්‍රියාවලියට සමගාමීව ගුරුභවතුන්ට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලවලට එන්නත්කරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යා අංශය සහ අනෙකුත් අදාල පාර්ශවකරුවන් සමඟ සම්බන්ධිකරණයෙන් යුතුව දියත් කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
අධ්‍යාපන වෘත්තියවේදින්, ගුරුභවතුන් සහ අධ්‍යාපඥයින්ගේ ධාරිත ප්‍රගුණ කිරීම, පාසල් විෂයධාරාව සකස්කිරීම හා සංවර්ධනය කිරීම සහ අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම හා පර්යේෂණ සිදුකිරීම සඳහා වු ප්‍රධානතම ආයතනය වන මහරගම ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපනික ඉගැන්වීම් සහ පුහුණු වැඩසටහන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදෙන එකම ආයතනයද වේ.
SL Army