ඔහු මේ බව පැවසුවේ අද (11) උදෑසන රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනක දී අදහස් දක්වමිනි.
ඒ අනූව කොවැක්ස් පහසුකම යටතේ තවත් එන්නත් මාත්‍රා මිලියන දෙකක් මෙම මාසයේ ලැබීමට නියමිත බවද, තවත් ඇස්ට්‍රාසෙනිකා මිලියන 1.4ක් මේ මස තෙවන සතියේ ලැබීමට නියවමිත අතර, ස්පුට්නික් එන්නත් ප්‍රමාණයක්ද මේ මස දිවයිනට ලැබීමට නියමිත බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
අද ලැබුණු එන්නත් මිලියන 02ට අමතරව අප රටෙහි සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 6.57ක් ශ්‍රී ලංකාවට මේ වන විට ලැබී ඇති අතර ජූලි මාසය අවසන් වීමට ප්‍රථම එම එන්නත් කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සදහා ලබාදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබාදී ඇති බව සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, කෙසේ හෝ එම ඉලක්ක ළගා කරගැනීමට බලාපොරොත්තු වන බවයි.
අවුරුදු 30ට වැඩි අය සදහා මෙම එන්නත ලබාදුන්නද ඇගම් කර්මානාතශාලා වල සේවය කරන අය සදහා එන්නත්කරණය සිදුකරන බවද, ඔවුන් අතර 30ට අඩු පුද්ගලයන් සදහා මේ වන විටත් එන්නත් ලබාදී ඇති බවද යුධ හමුදාපතිවරයා පැවසුවේය.
ෆයිසර් එන්නත් මාත්‍රා 26000ක් දිවයිනට රැගෙන ආ බවත්, සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි ඇස්ට්‍රාසෙනිකා ඒන්නතෙහි දෙවන මාත්‍රාව වශයෙන් එම එන්නත ලබාදීමට ජනාධිපතිතුමාගේ උපදෙස් ලබාගනිමින් යුධ හමුදාවේ සහ කොළඹ නගරසභාවේ ස්ථාන 02ක ඒනම් කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට එක් දිනක් එලෙස එන්නත්කරණය ඇරඹූ බව සදහන් කරමින් යුධ හමුදාපතිවඑරයා වැඩිදුරටත් පැවසුවේ, එදිනම තවත් ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා මිලියන 1.4ක් නුදුරේදී දිවයිනට ලැබෙන බවට වාර්තා වුණු බැවින් එදින එන්නත්කරණය නතර කළ අතර ඒ වන විටත් 3000කට අධික ප්‍රමාණයකට එන්නත ලබාදී අවසන් කළ බවයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණයක් සිටින බවද, ඒ ඒ රටවල් විවිධාකාරයෙන් එන්නත් බලාපොරොත්තු වන බවද ඇතැම් රටවල් ඇස්ට්‍රාසෙනිකා සහ අනෙකුත් එන්නත් බලාපොරොත්තු වන අතර සමහර රටවල් ෆයිසර් එන්නත පමණක් බලාපොරොත්තු වන බැවින් ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඉතිරි ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණය එවැනි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ලබාදීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
ඊයේ වන විට ෆයිසර් එන්නත පමණක් ලබාගැනීමට කොවිඩ් කාර්ය සාධක බලකායෙහි පුද්ගලයන් 1881ක් ලියාපදිංචිව සිටි බවද, ඊයේ පුද්ගලයින් 1000 කට ෆයිසර් එන්නත ලබාදුන් බවද යුධහමුදාපතිවරයා සදහන් කළේය.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් ෆයිසර් එන්නත වෙනුවෙන් 3476ක් ලියාපදිංචි වුණු අතර, ඊයේ ඉන් 1753කට එන්නත ලබාදුන් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. එමෙන්ම පිටරටවල රැකියා ලැබී යාමට නොහැකිව සිටින 1000 කට අධික කණ්ඩායමක් සදහා මෙලෙස මෙම එන්නත්කරණය ලබාදුන් බවද ඔහු පැවසුවේය.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ෆයිසර් එන්නත් 6000ක් වෙන්කර තිබූ බවත්, ඔවුන්ට අමතරව ඉතිරි වන 20000ට අධික ෆයිසර් එන්නත් ප්‍රමාණය මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර කටයුතු වල නියුතු ධීවර ප්‍රජාව වෙත ලබාදීම යුධ හමුදාව සහ සෞඛ්‍ය අංශ සමග එක්වෙමින් මේ වන විටත් අරඹා ඇති බ වද යුධ හමුදාපතිවරයා පැවසීය.