මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියසෙන්පුර තිලක් රත්නායක මහතා ට අයත් ආදර්ශ පොල් වගා පරිශ්‍රයේදී සහ ලංකපුර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ පුලස්ථිගම ප්‍රියන්ත වීරසිංහ මහතා ගේ ආදර්ශ පොල් වගා පරිශ්‍රයේදී මෙම වැඩසටහන් ක්‍රියාත්මක වුයේ නිරෝධනයන රෙගුලාසි වලට යටත්වය.
මෙහිදී සිරිපාල ගමලත් මහතා විසින් සුබ මොහොතින් පොල් පැළයක් රෝපණය කළ අතර අදාළ ප්‍රදේශයේ පදිංචි කරුවන් කිහිප දෙනෙකුට සංකේතාත්මකව පොල් පැල ප්‍රදානය කෙරිනි.
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල් සංවර්ධන නිලධාරි ගනීශා අලහකෝන් මහත්මිය, සහ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල් සංවර්ධන නිලධාරි ධනූශා හේරත් මහත්මිය, විසින් මෙහිදී දොරින් දොරට කප් රුක වැඩසටහනේ අභිලාෂය ප්‍රකාශයට පත් කළාය.
මෙම අවස්ථාවට මැදිරිගිරිය ප්‍රාදේශිය සභාවේ සභාපති ශාන්ත කුමාර වික්‍රමාරච්චි මහතා, ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරු, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ