පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති, එක් මැතිවරණ නීති සංග්‍රහයකට ඇතුළත් කළ යුතුයි-පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය

    ජූලි 12, 2021

    ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති,එක් මැතිවරණ නීති සංග්‍රහයකට ඇතුළත් කළ යුතු බවට මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීත් වල ප්‍රතිසංස්කරණය හඳුනා ගැනීමටත්, ඒ
    සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත යෝජනා කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් යෝජන ස්ථිර කොටගෙන
    තිබේ.


    මෙම තීරණ ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) පැවති පාර්ලිමේන්තු
    මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමේදී ය.

    ශ්‍රී ලංකාවේ සියලුම මැතිවරණ සඳහා ඒකමිතික මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සහ එහිදී පළාත් පාලන, පළාත්සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ වලදී කාන්තා නියෝජනය නිශ්චිත අගයක පවත්වා ගැනීමට යොජනා කිරීමටද මෙහිදී මන්ත්‍රීවරියන්ගේ සංසදයේ එකඟතාවය හිමිවිය.
    මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා අතර, මැතිවරණවලදී පොදුවේ සහ කාන්තාවන්ට විශේෂිතව සිදුවන හිංසන වැලැක්වීම සඳහා විශේෂිත නීතිමය විධිවිධාන හඳුන්වා දීම සහ දේශපාලන පක්ෂ ව්‍යුහයන් තුළ කාන්තාවන්ට නිශ්චිත කෝටාවක් පවත්වා ගැනීම දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සහ එමගින් කාන්තාවන්ට දේශපාලනයට සම්බන්ධ වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළත් වේ.

    එයට අමතරව මැතිවරණ සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට වියදම් දැරීමේදී ඒ සඳහා සියළු අපේක්ෂකයන්ට සමාන අවස්ථා හිමිවීම තරුවුරු කිරීම වෙනුවෙන්
    නියාමනයක් සිදු කිරීම සහ වගවීමේ වාතාවරණයක් ඇති කිරීම, පාර්ලිමේන්තු සහ පළාත් සභා පළාත් පාගන මැතිවරණයන්හිදී කාන්තාවන් සඳහා අවම වශයෙන් 30% ක් දක්වා නාමයෝජනා වැඩි කිරීම,
    මෙන්ම සියළු පක්ෂ වල ජාතික ලැයිස්තු සඳහා 50%ක කාන්තා නියෝජනයක් සහතික කිරීම ආදී කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් යෝජනා කිරීමට නියමිතය.

    මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් වන ,මංජුලා දිසානායක,ගීතා කුමාරසිංහ, මුදිතා ප්‍රිශාන්ති, ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya