පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර අගෝස්තු මාසයේ දී - අධ්‍යාපන අමාත්‍ය

    ජූලි 12, 2021

    සෞඛ්‍ය අංශයන්හි කොන්දේසිවලට අනුකූලව පියවරෙන් පියවර, හැකිතාක් ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බවත් එහි පළමු පියවර අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව  පැවසුවේ, 12වන දින ‘සියලු ම පාසල් ගුරුවරුන් එන්නත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන’ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.


    ගුරුවරයා සමඟ පන්තිකාමරයේ දී ලබන අධ්‍යාපනයට සතුටුදායක විකල්පයක් ලෙස දුරස්ථ, මාර්ගගත අධ්‍යාපනය කිසිසේත් සැලකිය නොහැකි අතර එහි යම් යම් දෝෂ පවතී. එබැවින් ගුරුවරුන් සඳහා අද ආරම්භ කෙරෙන එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වන්නේ හැකි ඉක්මනින් පාසල් පද්ධතිය විවෘත කිරීම යි.

    අද දින කොළඹ කලාපයේ ගුරුවරුන්ගෙන් අරඹන මෙම වැඩසටහන හෙට දිනය වනවිට සමස්ත කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සඳහා එන්නත්කරණය කර අවසන් කරන්නට හැකිවනු ඇත. මෙම වැඩසටහන දීප ව්‍යාප්ත ව සිදු කෙරේ. රටේ සිටින සමස්ත ගුරුවරු ප්‍රමාණය වන 242,000ක් පමණ ඉලක්කය වන අතර මේ වනවිට ත් සැළකිය යුතු ප්‍රතිශතයක් ගුරුවරුන් එන්නත් ලබාගෙන ද තිබේ. ගුරුවරුන්ට කිසිදු අසීරුතාවක් නොවන්නටත් ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂාවන පරිදි මෙම එන්නත්කරණ වැඩසටහන සංවිධානය වී තිබේ.


    දූ දරුවන්ට අවුරුද්දක් අධ්‍යාපනය නොලැබී යන්නේ නම් එය තම ජීවිතයේ කෙදිනකව ත් පියවා ගැනීමට ඔවුන්ට නොලැබෙන බව ත් එය ඔවුන්ගේ ජීවිතයේ සදාකාලික ගැටලුවක් බවට පත්වන බවත් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෘජු ව උනන්දු වූ ගරු ජනාධිපතිතුමාට ත්, සෞඛ්‍ය අංශ සහ යුධ හමුදාපතිතුමා ඇතුලු ත්‍රිවිධ හමුදාවට ත් ස්තූතිවන්ත වන බව ද අමාත්‍යවරයා පැවසී ය.


    මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත, වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ, යුධහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් ද එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya