සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියේ නීතිමය කටයුතු සිදු කිරීම ජාත්‍යන්තර රක්ෂණ සමාගම් සමඟ සිදු කරන බැවින් රටට හිමිවිය යුතු හිමිකම්පෑම සඳහා ජාත්‍යන්තර නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමට තීරණය කර ඇති බවත් ය.
තවද ,නීතිපතිතුමාගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව එම නීතිඥ සමාගම තෝරා ගැනීම සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට ලැබී ඇති වන්දි මුදල් බෙදාදිම පිළිබඳව මෙන්ම ඉතිරි වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවත් වන්දි මුදල් ලබාදීමේ ක්‍රියාවලියේදී ධීවර ජනතාවට ප්‍රමුඛත්වය ලබාදුන් බවත් විශේෂයෙන් සාගරය තුළ ගිලි තිබු නෞකාවේ තිබු කන්ටේනර් ඇති ස්ථාන හදුනා ගැනීම පිළිබදව කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවේ සහාය ද ලැබී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720 ක වන්දි මුදලක් මහ බැංකුව වෙත මේ වන විට ලැබී ඇති අතර, ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ඉන් රුපියල් මිලියන 420 ක් පමණ වු මුදලක් ධීවර ජනතාව වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට වෙන් කර තිබෙන බව පැවසූ අමාත්‍යවරයා මෙම සිදුවීමෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ද තමන්ට සිදුව ඇති හානිය පිළිබඳව අයදුම් කළ හැකි බවත්, හානිය තහවුරු කර ගැනීමෙන් පසුව ඔවුන්ට ද වන්දි මුදල් ලබාදීමට නියමිත බවත්, මෙහිදී සදහන් කළේය.
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන , රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සභාපතිනි දර්ශනී ලහඳපුර ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර යන මහත්ම මහත්මීන් සාකච්ඡාවේදී අදහස් පළ කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිලිප් වෙදආරච්චි, වෛද්‍ය කාවින්ද ජයවර්ධන නිරෝෂන් පෙරේරා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුලු අමාත්‍යාශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ,නීතිඥවරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.