පාර්ලිමේන්තුව ආයතනයේ ඉහළ කළමනාකරණය මට්ටමේ තනතුරු පුරප්පාඩු 154 ක් පවතිත්දී, අතිරික්ත තනතුරු 46 පැවැතීම සම්බන්ධයෙන්ද සභාපතිවරයා නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය. තෘතීය
මට්ටමේ තනතුරු පුරප්පාඩු 116 ක් පවතින අතර, එසේ නම් අතිරික්ත තනතුරු 218 ක් පවතින්නේ කෙසේද යන්න පිළිබඳවද සභාපතිවරයා ප්‍රශ්න කළේය.
මෙම තත්ත්වය ආයතනයක් තුළ පැවැතිය නොහැකි තත්ත්වයක් බැවින් මේ පිළිබඳව කඩිනමින් සොයා බලා මාසයක් ඇතුළත කෝප් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතාට නියෝග කළේය.
මේ අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියට බඳවා ගත් පුහුණු නිලධාරින් 3700 ක් වෙනුවෙන් 2017-2019 කාල සීමාව තුල රුපියල් මිලියන 583 ක වැටුප් ගෙවා ඇති බව මෙම කෝප් කාරක සභාවේදී අනාවරණය විය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා මෙම නිලධාරීන් පිළිබදව ප්‍රශ්න කළ අවස්ථාවේදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද පෙන්වා දුන්නේ එලෙස බදවාගෙන තිබූ පුහුණු නිලධාරීන්ට නිසි රාජකාරියක් හෝ පවරා නොතිබූ බවයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වාර්ෂික වාර්තා නිසි පරිදි පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය . එමෙන්ම ආයතනයෙහි ක්‍රියාකාරි සැලැස්මට අන්තර්ගත විය යුතු වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම, මානව සම්පත් සංවර්ධන සැලැස්ම හා අභ්‍යන්තර විගණන සැලැස්ම එහි අන්තර්ගත නොකිරීම සම්බන්ධව ද කාරක සභාවේ අවධානය යොමු විය.
ජනසෙවණ නිවාස දස ලක්ෂයේ ව්‍යාපෘතිය පිළිබද තත්ත්ව වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස මීට පෙර ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නිර්දේශ කර තිබුණ ද මෙතෙක් එය ලබා නොඳීම සමබන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු අතර, නිවාස ව්‍යාපෘති 1,351 ක පොදු දේපල තව දුරටත් පළාත් පාලන ආයතන වෙත පවරා නොතිබීම ප්‍රබල ගැටලුවක් බවද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
කොළඹ ඩාර්ලි පාරේ අක්කර 01යි පර්චස් 26.5 ඉඩම නිවාස ඉදිකර සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික පාර්ශ්වයක් සමඟ ගිවිසුම් ගත වුවද, 2016 වසරේදී කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදු නොකර එම ඉඩම් අදාළ පෞද්ගලික ආයතනය වෙත 2006 වසරේදී ගිවිසුම් ගත මිල වූ රුපියල් මිලියන 812 ක විකුණා තිබූ බව කාරක සභාවේදී අනාවරණය විය. මෙම ඉඩමේ බුක්තිය නැවත පවරා ගැනීම වෙනුවෙන් නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කාරක සභාවට දැන්වීය.
මෙම ආයතනයේ ණය අයවීමේ ප්‍රගතිය අවම තත්ත්වයක පැවැතීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. වසරක ණය අයවීමේ ප්‍රතිශතය සියයට 60 ක මට්ටමේ පවතින අතර, ණය අයකර ගැනීම වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට දැන්වීය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරිපාලන ගැටලු රැසක් පවතින අතර, එම ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් නිසි නියාමනයක් සිදු කරන ලෙස කාරක සභාව, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතාට දැනුම් දුන්නේය.
2020 වසරේ මූල්‍ය ප්‍රකාශන වලට අනුව අධිකාරිය සතු සෙවණ මාධ්‍ය ඒකකයට ලැබිය යුතු මුදල රුපියල් මිලියන 68 ක් බව කාරක සභාවේදී අනාවරණය වූ අතර, ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය .
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබූ අතර, ඊට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩී.වී චානක ,ඉන්දික අනුරුද්ධ යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, , ජගත් පුෂ්පකුමාර, , ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු සභභාගී වූහ.