කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද(13දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දී ගුරුවරුන් වසින් ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අවස්ථාවේදී දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රූපවාහිනී නාලිකා 16ක් පමණ ස්ථාපනය කිරීමට රජය කටයුතු කරන බවත්, එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්ද විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්,මේ ආකාරයට ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයෙන් ඉවත් වීම මේ සියල්ල අඩපණ කිරීමක් ලෙස සැළකිය හැකි බවත්, අමාත්‍යවරයා පැවසීය.
මේ අවස්ථාවේ දී යම් පනතක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට මහ මඟ විරෝධතා ප්‍රකාශ කිරීමත්,ඔවුන් සම්බන්ධයෙන් අධිකරණය හා නීතිය කටයුතු කළ විට ඒ පිළිබඳව උරණවී සිසුන් බිල්ලට ගැනීම ඉතාම පහත් කටයුත්තක් බවත්, අමාත්‍යවරයා විසින් හෙළා දකිනු ලැබීය.