වෙන් කිරීමට නියමිත එම කාමර ඊයේ (12) සභානායකවරයා නිරීක්ෂණය කළේය.
මහජනයා හමුවීම සඳහා,මන්ත්‍රීවරුන්ට කාමර 10 ක් වෙන් කිරීමට සාකච්ඡා වී ඇති අතර පළමු පියවර ලෙස කාමර 07 ක් වෙන් කිරීමට හැකියාව පවතින බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා, සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත දැනුම් දී තිබේ.
කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රැස්වූ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාවේදී සභානායකතුමා විශේෂ ඉල්ලීමක් කරමින්, අවධානය යොමු කළේ, මහජනයාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවීමට මීට පෙර පැවති අවස්ථාව යළි ලබාදිය යුතු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඒ සඳහා ඉල්ලීම් ගණනාවක් ලැබී ඇති බවද සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. එම රැස්වීමේදී, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, වේත්‍රධාරීවරයා වෙත එම ඉල්ලීම යොමු කළේය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වී මහජනයාට පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසීමේ අවස්ථාව උදා වූ පසු,මන්ත්‍රීවරුන්ගේ මහජන හමුවීම් කාමර, මහජනයාට විවෘත කරන බව, සභානායකවරයා කියා සිටියේය.