ගෝලීය වසංගතයක් වන කොවිඩ් රෝගයට ශ්‍රී ලංකාව මුහුණ දීමේ දී රජයක් වශයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ එහි දී අමාත්‍යවරයා හා නියෝජිතවරිය අතර සාකච්ඡා වූ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල මෙහිදී අවධානයට ලක්විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරියට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමනය රාජ්‍ය අමාත්‍යතුමා සුබාශීංසන පිරිනැමූ අතර, ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩසටහන හා සෞඛ්‍ය ප්‍රවර්ධනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය හැකි උපරිමයෙන් තවදුරටත් ලබාදෙන බව වෛද්‍ය අකලා සිං මහත්මිය පැවසීය.