ප්‍රජා පාදක සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා සත්කාර ගම්මාන ව්‍යාපෘතිය දිරිමත් කිරීමට යටතේ ගෘහ ඒකක 4000කට සහන සළසන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන් සමග හම්බන්තොටදී පැවති සාකඡ්චාවකදී අමාත්‍ය වරයා සඳහන් කළේ දිවයින පුරා ප්‍රකට සංචාරක ගමනාන්ත ආශ්‍රිතව පිහිටා තිබෙන විශේෂිත ගම්මාන ඉලක්ක කරමින්
ගෘහාශ්‍රිත සහ ප්‍රජා පාදක සංචාරක සත්කාර ගම්මාන ව්‍යාපෘතිය දියත් කෙරෙන බවයි.
බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටිය දී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සංචාරකයින් අතර ඉතා ඉහළ පිළිගැනීමක් තිබූ ව්‍යාපෘතියක් බැවින් ගම්මාන මට්ටමේ පහසුකම් සළසා
දීම තුළින් ගොඩනැගෙන සංචාරක කර්මාන්තය තුළ ඒ සඳහා වැඩි ඉඩක් ලබා දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.
විධිමත් කිරීමට අපේක්ෂිත නිවාස 4000න් 1044 ක් දැනටමත් ලියා පදිංචි කර අවසන් කර ඇත. නව ව්‍යාපෘතිය යටතේ බදුල්ල -බෝඹුරු ඇල්ල, කුරුණෑගල- යාපහුව ගම ,දෙනියාය -මෙදේරිපිටිය ,මාතර- විහාරහේන ,නුවර- හීල්ඔය ,රත්නපුර- සීලෝගම, මාතලේ- රිවස්ටන් යන ගම්මාන සංවර්ධනය කර අවසන් කර තිබේ.
මෙම ගම්මාන වලට අමතරව 2021 වර්ෂය තුළ නව ප්‍රජාපාදක සත්කාර ගම්මාන තුනක් ආරම්භ කිරීමට හඳුනාගෙන ඇත.
සත්කාරක නිවාස ගම්මානවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අමතරව නාම පුවරු ස්ථාපිත කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම සහ සත්කාරක නිවාස
ගම්මාන සඳහා වෙබ් අඩවි සංවර්ධනය කිරීම ද සිදු කර තිබේ. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහාය ඇතිව ප්‍රජා සත්කාරක නිවාස ගම්මාන ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ බ්ලොග් කරුවන් සඳහා වැඩසටහන් පවත්වනු ලැබීය.
මීට අමතරව ප්‍රජා සත්කාර ගම්මාන සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජනා ලබාදෙන්නැයි දිවයින පුරා දිස්ත්‍රික් සහ පළාත් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.