කොච්චිකඩේ නගර සීමාවේ පවතින රථවාහන තදබදයට කඩිනම් විසදුමක් ලෙස කොච්චිකඩේ පාලම අසළ සිට කොළඹ දෙසට කිලෝමීටරයක් මංතීරු හතරක් යටතේ පුළුල් කිරීමට තීරණය කර ඇත. නගර සීමාව කිලෝ මීටර් තුන හමාරකින් යුක්ත අතර එම සීමාව මංතීරු හතරක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. එහි පළමු අදියර ලෙස අධික ලෙස රථවාහන තදබදය පවතින මෙම කිලෝ මීටර් එකක දුර මංතීරු හතරක් ලෙස පුළුල් කරනු ඇත.
එම කිලෝ මීටරය ඇතුළත මීටර් 200 ක පරාසය තුළ අතුරු මාර්ග 8 ක් ප්‍රධාන මාර්ගය හා සම්බන්ධ වීම මෙම රථවාහන තදබදයට ප්‍රධාන හේතුවක් වී තිබේ. ඒ සදහා මං තීරු හතරක් යටතේ මාර්ගය පුළුල් වීමෙන් මෙම රථවාහන තදබදය අවම වනු ඇත.
මෙම මාර්ගය මංතීරු හතරක් යටතේ පුළුල් කිරීම සදහා ව්‍යාපාරික සංගමයද සිය කැමැත්ත පළ කර තිබේ.
ඒ අනුව දඩුගම සිට පුත්තලම දක්වා යන මාර්ගයද වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති අතර ඉදිරි මාස තුනක් ඇතුළත කිලෝ මීටර් 100 ක දුර ප්‍රමාණය සංවර්ධනය කිරීමේ කටයුතු ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. කොච්ච්කඩේ නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීමේ වැඩසටහනද මෙම ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ සිදු කිරීමට රජයේ බලාපොරොත්තුවයි. මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ව්‍යාපාරිකයින්, පොලිසීය, රාජ්‍ය ආයතන හා අනෙකුත් පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන මෙම ප්‍රදේශයට වටිනාකමක් ලබාදීම රජයේ අරමුණයි.