පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ප්‍රමුඛතාවන්ට මුල් තැන දෙමින් සෞභාග්‍යයේ දැක්ම යථාර්තවත් කරනවා - මුදල් ඇමති

    ජූලි 15, 2021

    2006, 2007 වර්ෂවල පැවති ආර්ථික අභියෝග ජයගත්තා සේම බැසිල් රාජපක්ෂ මැතිතුමා මෙවර ආර්ථික අභියෝග ජයගනු නියතයි-හිටපු පළාත් සභා නියෝජිතයෝ පවසති.

    වර්ෂ 2006, 2007 සහ 2008 වර්ෂවල යුද්ධය පැවති සමයේදී රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.2 පමණ අඩු මට්ටමක පවතිද්දී යුද්ධයට මුහුණ දෙමින් ග්‍රාමීය ආර්ථිකයද සංවර්ධනය කිරීමට හැකිවූ බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍යවරයා ලෙස මේ වන විට කොරෝනා තත්වයත් සමඟ මතුවී ඇති ආර්ථික අභියෝග පහසුවෙන් ජයගෙන රටටත්, ජනතාවටත් ආර්ථික සෞභාග්‍ය ලඟා කරදීමට හැකිවනු ඇති බව හිටපු පළාත් සභා නියෝජිතයෝ පවසති.


    මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු පළාත් සභා නියෝජිතයින්ගේ හමුවක් පසුගිය දින බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේදි පළාත් සභා නියෝජිතයෝ නව මුදල් අමාත්‍ය පදවියට පත්වීම සම්න්ධව සුභ පැතුම්ද එක්කරමින් මේ බව සඳහන් කළහ.


    මහින්ද රාජපක්ෂ රජය සමයේ යුදමය වතාවරණයක් තුළ අන්තර්ජාතික ප්‍රජාව කළමනාකරණය කරමින්, ගම නැඟුම, මඟ නැඟුම තුළින් රටේ සංවර්ධනයද ඉහළ මට්ටමක පවත්වා ගනිමින් එවක රජයට ආර්ථික වර්ධනය ලඟාකර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා දැක්වු දායකත්වය මෙහිදි පළාත් සභා නියෝජිතයන් විසින් පෙන්වා දෙන ලදී.


    කොවිඩ් වසංගත තත්වය තුළින් මතුව ඇති ආර්ථික අභියෝග ඉතාම පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට ශක්තිය බැසිල් රාජපක්ෂ මහතා සතුව ඇති බවට පළාත් සභා නියෝජිතයෝ මෙහිදි විශ්වාසය පල කළේය.


    මෙහිදි අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යවරයා ලෙස රජයේ ප්‍රමුඛතාවයන්ට මුල්තැන දෙමින් සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් කර ගැනීම සඳහා සහය දීම තම ප්‍රමුඛ වගකීම සේ සලකා කටයුතු කරන අතරම රජයේ වගකීම් සේම පක්ෂය වෙනුවෙන් ඉටුකළ යුතු කාර්ය භාර්යය ද නොපිරි හෙලා ඉටු කිරීමට තමා කැපවෙන බවත්ය. ඒ සඳහා සියලු දෙනාගේ සහය තමන් අපේක්ෂා කරන බවද මෙහිදි රාජපක්ෂ මහතා අවධාරණය කළේය.


    ජනතාව වෙනුවෙන් කැපකිරීමට තමන් කිසිවිටක පසුබට නොවන බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා අතිතයේ කටයුතු කළා සේම මව්බිම සහ ජනතාව පෙරමුණේ තබාගෙන කටයුතු කිරීමට ඉදිරියට ද කැපවී සිටින බවද මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.


    හිටපු පළාත් සභා නියෝජිතයින් සංවර්ධන කාර්යයන්ට දායක කර ගැනීමේදී ඔවුන්ට මතුව ඇති ගැටලුකාරි තත්වයන් පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මෙම අවස්ථාවට අමාත්‍යවරුන් සහ පක්ෂයේ උසස් නිලධාරීන් ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya