පසුගිය වසර 07 ක් වැනි කාලසීමාවක් තුළ , දියත් කිරීමට සැලසුම් සකස් කර ටෙන්ඩර් කැදවු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රාශියක් අදාළ ව්‍යාපෘති ලබාගත් සමාගම් විසින් මේ වන තෙක්
ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා , පසුගියදා සුර්යබල, සුළං, හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී
වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙරට පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය යටතේ ප්‍රමාද වී ඇති මෙගා වොට් 550ක පමණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, කඩිනම් කිරීම, හා පද්ධතියට එකතු කර ගැනීමට
කටයුතු කිරීම සඳහා විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා කමිටුවක් පත් කර ඇත.එම කමිටුවේ නිර්දේශවලට පසුගියදා කැබිනට් අනුමැතියද හිමි වී ඇත.
මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව ඇති හෙක්ටයාර් 30, 000 ක පමණ ජලාශ මතුපිට වපසරියෙන් 25%ක ප්‍රතිශතයක සූර්ය බලාගාර ඉදිකිමේ
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය සියළු දත්ත විදුලිබල අමාත්‍යාංශයට හා සුර්යබල, සුළං, හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට මහවැලි අධිකාරිය
කටයුතු කර තිබේ.
“සෞභාග්‍යයේ දැක්ම” මධ්‍යකාලීන සංවර්ධන ප්‍රවේශයට අනුව මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් මෙගා වොට් 3,000 ක් පමණ සූර්යබල විදුලියෙන් සපයා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම
පිණිස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් හෙක්ටයාර් 7, 500 ක පමණ ජලාශ මතුපිට වෙන් කිරීමට තීරණය කර ඇත.
“පසුගිය වසර 10 ක කාලය තුළ , යම් යම් හේතූන් මත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් රාශියක් අක්‍රීය තත්ත්වයේ පැවති බවත් මෙතෙක් ක්‍රියාත්මක නොවී ගොඩගැසී තිබෙන ව්‍යාපෘතීන්
පිළිබඳව කරුණු සොයා බලා , ආයෝජකයන්ට යම් ගැටළු පවතින්නේ නම් ඒවාට පිළියම් ලබාදී හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට පියවර ගතයුතු බවත් අමාත්‍යවරයා පැවසීය