ඊයේ දිනය (15) වන විට පිළිගත් දේශපාලන පක්‍ෂ 11ක් සිය යෝජනා ලබා දී තිබේ.
මෙම කාරක සභාව (මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව) එහි සභාපති, සභානායක , විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් , පාර්ලිමේන්තු සංකීර්ණයේ දී (14දින ) පස්වරුවේ රැස්විය.
මෙම විශේෂ කාරක සභාවට ලැබෙන යෝජනා අධ්‍යයනය කිරීම සඳහා පත්කිරීමට නියමිත විශේෂඥ කමිටුවට , පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ පක්ෂ විසින් විද්වතුන් යෝජනා කිරීමද (14) දිනට යෙදී තිබූ අතර, ඒ අනුව සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානය, සිය නම් ඉදිරිපත් කළහ.
පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන ඡන්ද ක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා, යෝජනා ඉදිරිපත් කිරීමට , ඡන්ද නිරීක්ෂණ ආයතනයක් ලෙස පැෆ්රල් සංවිධානය , (14 දින ) කාරක සභාව වෙත කැඳවා තිබිණි. කාරක සභාවේ සභාපති සභානායක , විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම පක්ෂ නියෝජිතයෝ, පැෆ්රල් සංවිධානය ඉදිරිපත් කළ ඇතැම් යෝජනා පිළිබඳ , තවදුරටත් පැහැදිලි කරගැනීම් කරගත් අතර, එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ ආදි පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක නීයෝජිතයෝ කාරක සභා රැස්වීමට එක්ව සිටියහ. මැතිවරණ කොමිසමේ, සීමා නිර්ණ කොමිසමේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නීයෝජිතයෝද ඊට සහභාගි වී සිටියහ.
පළාත් පාලන ආයතන(ප්‍රාදේශීය සභා/නගර සභා/මහ නගර සභා) සඳහා දැනට ක්‍රියාත්මක වන, සමානුපාතික හා කොට්ඨාශ ක්‍රම දෙකම ඇතුළත් මිශ්‍ර ඡන්ද ක්‍රමයේ දුර්වලතා නිවැරදි කර එම ක්‍රමය ම අනෙකුත් මැතිවරණ සඳහා යොදාගන්නේද, නැතහොත් වෙනත් ඡන්ද ක්‍රමයක් රටට හඳුන්වා දෙන්නේද යන්න, පිළිබඳවද මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන, පාර්ලිමේන්තු තේර්‍රිම් කාරක සභාවේදී (14 දින ) සාකච්ඡා විය.
2021 මැයි 17 මෙම කාරක සභාවේ පළමු රැස්වීම පැවති අතර කමිටුව , මාස 06 කින් සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය. කාරක සභාව නැවත 2021 ජූලි 28 පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිත බව, කාරක සභාවේ ලේකම් , පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් , කාර්ය මණ්ඩල ප්‍රධානි, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.