රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද (16 දා ) පැවති “කාබනික පොහොර ඇත්ත කථාව විදු ඇසින් ” යන සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ, කාබනික වගාව ලෙස හඳුන්වා දෙමින් කෙරෙන ගොවිතැන බටහිර රටවල්වලට නව සංකල්පයක් වුවද එය අතීතයේ සිට මෙරට ජනතාව කෘෂි රසායනික නොමැතිව වගා කටයුතු කළ බවත්, කාබනික වගාව යන වචනය භාවිතා නොකළද අතීතයේ සිට මෙරටේ ජනතාව සිදු කරනු ලැබුවේ කාබනික ලෙස හා සොබාවික කෘෂි කර්මාන්තයක් බවත්ය.
කෘෂි රසායනික හා කෘත්‍රිම පොහොර සම්බන්ධයෙන් පවතින භයානකම තත්ත්වය වන්නේ එය භාවිතා කිරීමෙන් බරපතල දේශගුණ විපර්යාසවලට හේතුවක් වීම බවත්, මිනිස් වර්ගයාට මෙන්ම අනෙකුත් ජීවීන්ටද එමගින් දැඩි අහිතකර බලපෑම් සිදුවිය හැකි බවත් තිලක් කන්දේගම මහතා පැවසීය.