මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන ප්‍රධානින් අතර හමුවක් අද (17)අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
එහිදී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී මුදල් අමාත්‍ය බැසිල් රජපක්ෂ මහතා කියා සිටියේ අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” පරිදි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම සදහා ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත්වු මහජන නියොජිතයින් වෙත සුවිශේෂී වගකිමක් පැවරී ඇති බවත් ඒ වෙනුවෙන් කැපවෙන ලෙසත්ය.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආර්ථිකමය වශයෙන් රට අභියෝගයකට මුහුණ පා ඇති වර්තමාන කාල සීමාවේල දුෂණය පිටු දකිමින් මහජන විශ්වාසය දිනා ගනිමින් කටයුතු කිරිම සැමගේ වගකීමක් බවය.