පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටුව සිය අවසන් වාර්තාව භාරදෙයි

    ජූලි 18, 2021

    පසුගිය රජය සමයේ හඳුන්වා දුන් පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදය හේතුවෙන් ගැටලු ගණනාවක් ඇතිවිය.විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි ඡන්ද විමසීමෙන් නිරූපණය නොවීම, පත්වන පළාත් පාලන ආයතන අස්තාවර වීම මෙන්ම සභික සංඛ්‍යාව වැඩිවීම මූලික අඩුපාඩු ලෙස වර්තමාන රජය හඳුනා ගන්නා ලදි.

    මෙකී අඩුපාඩු මගහරවාලමින් වඩා ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම ජනතාවාදී පළාත් පාලන ආයතන පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණු කරගෙන විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පසුගිය ජනවාරි මාසයේදී ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ රණවක මහතාගේ සභාපතීත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරණ ලදි.මෙම කමිටුවේ අනෙක් සමාජිකයින් වූයේ ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ හා හිටපු අමාත්‍යංශ ලේකම් ජයලත් රවී දිසානයක යන මහත්වරුන්ය.

    මාස 3 ක් තුල කමිටු වාර්තාව භාර දිය යුතුව තිබුනත් සිවිල් සංවිධාන කමිටුවෙන් කල ඉල්ලීම් මත තවත් මසක කාලයක් අදහස් හා යෝජනා ලබා ගැනීමට ඔවුන් වෙත ලබා දෙන ලදි.සිවිල් සංවිධාන හා පුද්ගලයින් විසින් ලබා දෙන ලද යෝජනා හා අදහස් සැලකිල්ලට ගත් මෙම කමිටුව පසුගිය මැයි 31 වැනිදා වන විට තම අවසන් වාර්තාව සකසා අවසන් කලද රටතුල මතුව පැවති කොරෝණා වසංගත තත්ත්වය හේතුවෙන් අදාල වාර්තාව භාරදිමට නොහැකිව තිබුණි.කෙසේ වුවද (13දා) පෙරවරුවේ කමිටු සාමාජිකයින් විසින් අදාල වාර්තාව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත නිල වශයෙන් භාරදුනි. අදාළ වාර්තාවට අනුව ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම් වලදී පහත කරුණු ක්‍රියාවට නැන්වීමට යෝජනා
    කර ඇත.


    I. පසුගිය සංශෝධනය මගින් පළාත් පාලන ඡන්ද විමසීමට හඳුන්වා දී තිබූ 60/40 අනුපාතයට වූ මිශ්‍ර සාමානුපාතික නියෝජිත ක්‍රමය ඉදිරියේදී 70/ 30 අනුපාතය දක්වා වෙනස් කිරීමට යෝජනා කර ඇත. මෙමගින් අපේක්ෂා කරණුයේ අස්තාවර පළාත් පාලන ආයතන පද්ධතියක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ අවම කිරීමයි.

    II. යම්කිසි පක්ෂයකට සභියෙකු දිනාගැනීමට අවශ්‍ය වන්නේ නම් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 2.5 ඡන්ද ප්‍රමානයක් හෝ ඊට වැඩි ප්‍රමානයක් ලබා ගැනීම අත්‍යාවශය කරුණක් ලෙස දක්වා ඇති අතර මින් පෙර එවැනි නියමක් නොපැවතිණි.

    III. බහු මන්ත්‍රී කොට්ඨාශ සඳහා ඡන්දය භාවිතා කිරීමේදී ඡන්ද පත්‍රිකා දෙකක් නිකුත් කිරීමට යෝජනා කර ඇති අතර මෙතෙක් එකම පක්ෂයකින් පමනක් මෙම තෝරා ගැනීමට දී තිබූ වරණය පක්ෂ දෙකක අපේක්ෂකයින් දෙදෙනෙක් වෙනුවෙන් භාවිතා කිරීමට හැකිලෙස ප්‍රතිපාදන සකස් විය යුතු බව යෝජනා කරයි.

    IV. පළාත් පාලන බල ප්‍රදේශයක වැඩිම කොට්ඨාශ ප්‍රමානයක් ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන ඛණ්ඩායමට ප්‍රසාද ආසන දෙකක් දීමටද මෙම කමිටුව යෝජනා කර ඇත.

    V. මෙතෙක් පැවති එල්ලන ආසන ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යායුතු නැතැයි යෝජනා කරණ මෙම කමිටුව මෙම ක්‍රමය පැවතීම තුල පළාත් පාලන ආයතන අස්තාවර වීමට විශාල බලපෑමක් කල සාධකයක් ලෙසද දක්වා ඇත.

    VI. එසේම පවතින ක්‍රමය තුල පළාත් පාලන සභිකයින්ගේ අනවශ්‍ය වැඩිවීමක් පවතින බැව් හඳුනාගෙන තිබෙන අතර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමකදී අනිවාර්යයෙන් මෙම ප්‍රමානය ආසන්න වශයෙන් 1000 න් පමන අඩුවිය යුතු බවද පවසා ඇත.

    මෙවැනි යෝජනා රැසක් මෙම ත්‍රිපුද්ගල කමිටුව රජය වෙත යෝජනා කර ඇත.මාස පහක් වැනි කාලයක් පුරා මෙම මැතිවරණ ක්‍රම සමාලෝචන කමිටුව තම කටයුතු කරගෙන ගියද රජයේ කිසිදු මුදලක් මේ වෙනුවෙන් භාවිතා නොකොට ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමද විශේසත්වයකි.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ අදාල කිමිටු වාර්තාව එහි සභාපති ආර්.ඒ.ඒ.කේ රණවක මහතා විසින් ජනක බණ්ඩාර තෙන්කෝන් අමාත්‍යවරයා වෙත භාර දෙන අයුරුයි.මෙම අවස්තාවට කමිටු සාමාජිකයින් වන මාහාචාර්ය සුදන්ත ලියනගේ , හිටපු අමාත්‍යංශ ලේකම් ජයලත් රවී දිසානායක, කමිටු ලේකම් නීතී‍ඥ ගයනි ප්‍රේමතිලක, අමාත්‍යංශ උපදේශක මහින්ද මඩිහහේවා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya