TOM-JC වර්ගයේ අඹ පැළ 15,000ක් මේ වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ලැබී ඇත. දැනටමත් අඹ වගා කිරීමට අදාළ ප්‍රතිලාභීන් ප්‍රාදේශීය මට්ටමින් තෝරාගෙන ඇති අතර සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසක් කැදවමින් මෙම අඹ පැළ බෙදාහැරීමට කටයුතු කළේය. අඹ වගා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම අදාළ කාර්යාල වලින් ලබාදී ඇති අතර කාබනික පොහොර යොදා ගනිමින් වගා කිරීම අවශ්‍ය උපදෙස් පුතිලාභින් වෙත ලබාදී ඇත.
වසර 3 ½ කින් මෙහි අස්වැන්න ලබා ගැනීමට හැකිවන අතර සාර්ථකව වගා කරන ප්‍රතිලාභින්ට ඉදිරියේදිත් අවශ්‍ය අඹ පැළ වර්ග ලබාදීමට කටයුතු කිරීමට නියමිතයි. එමෙන්ම මෙම වැඩසටහන මුල් කර ගනිමින් ප්‍රා දේශිය කාර්යාල පරිශුය තුළදී අඹ පැළ රෝපණය කිරීම සිදු විය.
මේ අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාළ, දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් එස්.එම්.සී.සමරකොන්, ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාවේ සභාපති චන්දන විජිත කුමාර, මොරවැව ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් වේරගොඩ ඇතුළ පිරිසක් එක්ව සිටියහ.