වයඹ නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මගින් ආචාර පිරිනමමින් වයඹ නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න මහතා විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා වෙත භාර දීම සිදු කෙරිණි.
තවද, වයඹ නාවික විධානයේ නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න මහතා වෙත නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමා වයඹ නාවික විධානයෙන් සමුදීම සිදු කෙරිණි.