බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කෙරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2015- 2016 වසරවල මිල අනෙක් වර්ෂ වලදී තෙල් මිලෙන් විශාල ලාභයක් නොලැබුණු බවද එහෙත් පසුගිය රජය එම ලාභයට කළේ, කුමක්දැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා යහපාලන රජය සමයේ තෙල් මිලෙන් අසාමාන්‍ය වාසියක් ලැබුණ ද ජනතාවට එම සහන ලබා නොදුන් බව පෙන්වා දුන්නේය.
නිදහසින් පසු මෙරට බිහිවූ සෑම ආණ්ඩුවකටම රජයේ මුළු අදායම එදිනෙදා පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දැවැන්ත ආර්ථික ව්‍යසනයක් කරමින් සහ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් ව්‍යසනය හමුවේ පසුබෑමකට ලක්ව ඇති මොහොතක ජනතාව අපහසුවට පත් නොවන පරිදි මෙම තීරණය ගත් බව පෙන්වා දුන්නේය.
උදය ගම්මන්පිල අමාත්‍යවරයා දක්ෂ අමාත්‍යවරයෙක් බවත් ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක ට මෙවන් පුද්ගලයන් අවශ්‍ය යැයිද කීය.