බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පදනම් විරහිත සහ ආණ්ඩුවේ එකමුතු භාවය සම්බන්ධයෙන් වැරදි මතයක් සඳහා දැරූ උත්සාහයක් බවත්, රට ආරක්ෂා කර ගැනීම
සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය මෙම තීරණය ගත් බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වැඩිදුරටත් පැවසීය.
කොවිඩ් වසංගතය හමුවේ සුරා බදු ආදායම අඩු වීම, සංචාරකයින් නොපැමිණීම සහ ආනයනය සීමා කිරීම නිසා රේගු ආදායම් අඩු වීම වැනි හේතු නිසා ආර්ථිකය විශාල බලපෑමකට ලක්ව ඇති
බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රජයේ මුදල් ජනතාවට සහන ලබා දීමට යෙද වූ බවත් වසංගතය අවස්ථාවේ සිව් වතාවක් රුපියල් 5000 දීමනාව ජනතාවට ලබා දුන් බව පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට, රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට රට කළමණාකරණය කිරීමට මුදල් අවශ්‍ය බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා,
ආණ්ඩුවේ විවිධ මතවාද තිබෙන නමුත් එම මතවාද හේතුවෙන් කිසිම අමාත්‍යවරයෙකු පාවා නොදෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා, 2/3න් මෙම විශ්වාසභංග යෝජනාව ජය ගන්නා බවද
පැවසීය.
ලෝකයේ වේගවත්ම එන්නත්කරණය කෙරෙන රටවල් අතරට ශ්‍රී ලංකාව අයත් වන බවත් කී අමාත්‍යවරයා,දෙසැම්බර් 31 වන විට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා ඒන්නත්කරණය කරන
බවත් පැවසීය.
පාස්කු ප්‍රහාරය සිදු වීමට පෙර පැවති 2015,16,17 වර්ෂවලදී තෙල් මිලෙහි විශාල වාසියක් ලබා ගැනීමට පැවති රජයට හැකි වූ බවද එම වාසිය ජනතාවට ලබා නොදුන් බව කී අමාත්‍යවරයා,
යුද්ධයක් හෝ කොවිඩ් වසංගතයක් නොමැතිව ආර්ථිකය ඉදිරියට යමින් තිබියදී පසුගිය යහපාලන රජය ආර්ථිකය ආපස්සට හැර වූ බවද කීය.