බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංගත්වය පිළිබඳ යෝජනාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව තවත් ශක්තිමත් වන බවද රජයක් වශයෙන් සහ කණ්ඩායමක් වශයෙන් සියළු දෙනා එක්ව බලශක්ති අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කාබනික පොහොර භාවිතා කිරීම වැනි රජය විසින් ගන්නා ලද ඇතැම් තීන්දු තීරණ ජනප්‍රිය මාතෘකා නොවන බවත් එහෙත් ජනතාවගේ යහපත වෙනුවෙන් රජය එවැනි තීරණ ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අර්බුදකාරී තත්වය හමුවේ රට ඉදිරියට ගෙන යන බවත් ,කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූ පවුල් වලට රුපියල් 5000/ දීමනාව ලබා දිම,නිරෝධායන වූ පවුල් සඳහා රුපියල් 10,000/- දීමනාව ලබා දිම,එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත්ව සිදු කිරීම, නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම වැනි වැඩසටහන් රාශියක් රජය කරගෙන යන බවද පෙන්වා දුන්නේය.