පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් බෝදාගම ප්‍රදේශවාසීන්ට රුපියල් ලක්ෂ 200ක් වටිනා වියළි ආහාර

    ජූලි 19, 2021

    කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් බෝදාගම ප්‍රදේශවාසීන්ට රුපියල් ලක්ෂ 200ක් වටිනා වියළි ආහාර පරිත්‍යාග කෙරේ

    කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් තණමල්විල බෝදාගම ප්‍රදේශයේ ජනතාවට වියළි සලාක බෙදාදීම, ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) එම ගම්මානයේ දී සිදු කෙරිණ.

    මීට සමගාමීව ප්‍රදේශයේ ගම්මානවල ගැබිණි මව්වරුන්ට හා ළඳරුවන්ට අවශ්‍ය උපකරණ කට්ටල සහ ආහාර ද්‍රව්‍ය බෙදා දෙනු ලැබිණ.

    නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උපකුලපති කැලණිය මානෙල්වත්ත විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන්ගේ අනුග්‍රහයෙන් උන්වහන්සේගේ උපන් ගම් ප්‍රදේශයේ ජනතාවට මෙම පරිත්‍යාගයන් සිදු කෙරිණ.

    බෝදාගම හා අවට ගම්මාන වන සමාධි ගම, මීගස්වැව, කෝමළිගම යන ගම්මානවල පදිංචි කොවිඩ් වසංගතය නිසා ආර්ථික පීඩාවට පත් සියලුම ජනතාවට වියළි සලාක ලබාදීමට උන්වහන්සේ කටයුතු කළහ.

    මේ සඳහා රුපියල් ලක්ෂ 200කට අධික මුදලක් වැය කොට තිබුණි. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි සහ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් විශේෂ ධර්ම දේශනාවන් ද පැවැත්වූහ.

    මෙම සියලු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සිදු කෙරිණ.

    මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය කෑගල්ලේ රතනසාර හිමි, ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරාධිපති උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණාවැවේ ධම්මරතන හිමි, පඬුවස්නුවර රජමහා විහාරාධිකාරී පූජ්‍ය වහන්තරේ සිද්ධාර්ථ හිමි, ගාල්ල කච්චිවත්ත පුරාණ විහාරාධිපති පූජ්‍ය උළුවිටිකේ බෝධිසීහ නාහිමි මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya