ගින්න හේතුවෙන් අපවිත්‍ර වු මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යන ආකාරය, වන්දි මුදල් ලබා ගැනීමේ නීතිමය තත්වය, ධීවර ජනතාවට වන්දි මුදල් ලබාදීමේ කටයුතු, පසුගිය
කාලය තුළ මුහුදු ජීවීන් මිය යාම, ජාත්‍යන්තර නීතිඥ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
පසුගිය කාලය තුළ කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි සත්වයින් මියයාම සම්බන්ධයෙන් පිළිබඳව සිදු කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබදව මෙහිදී අධිකරණ අමාත්‍යතවරයා අදාළ
නිලධාරීන්ගෙන් විමසු අතර එහිදී ඔවුන් සදහන් කළේ ඒ පිළිබදව පරීක්ෂණ සිදු කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
මේ වන විට ලැබී ඇති වන්දි මුදල් හානියට පත් ධීවර ජනතාවට ප්‍රදානය කිරීම සම්බන්ධව මෙහිදි අවධානය යොමු වූ අතර එහිදී ලැබී ඇති තොරතුරු අනුව ධීවර ජනතාවගේ බැංකු ගිණුම් සඳහා මුදල් බැර කිරීම සිදුවන බවත්, නෞකාවේ ගින්න හේතුවෙන් රැකියාවන් අහිමිව පීඩාවට පත්ව සිටින වෙනත් දිස්ත්‍රික්කවල ධිවර ජනතාවගෙන් ලැබෙන තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබදව සළකා බලා ඔවුන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බවටත් ප්‍රකාශ කෙරිණ.
ජාත්‍යන්තර නීතිඥ සහාය ලබා ගැනීම සදහා වන කටයුතු මේ වන විට සිදු වන බවත් ඔවුන් තෝරා ගැනීම විශේෂ කමිටුවක් මගින් සිදු කර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා ඇතුලු අමාත්‍යාශ ලේකම්වරුන්, විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන්, නීතිඥවරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.