පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    නැඟෙනහිර පළාතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ජංගම පස් විශ්ලේෂණ කට්ටල

    ජූලි 20, 2021

    නැඟෙනහිර පළාතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන  වෙත ජංගම පස් විශ්ලේෂණ කට්ටල බෙදා දීම, පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ත්‍රිකුණාමලයේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

    ආණ්ඩුකාරවරිය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම ජංගම පස් විශ්ලේෂණ කට්ටල තොගය ලැබුණි.

    පළාතේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන සඳහා එහිදී මෙම කට්ටල එක බැගින් ප්‍රදානය කෙරිණි.

    ඉදිරි කාලය තුළ ග්‍රාමසේවක කොට්ඨාස මට්ටමින් මෙම ජංගම පස් විශ්ලේෂණ කට්ටල ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආණ්ඩුකාරවරිය විසින් ආරම්භ කර ඇත.
    රසායනික පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය මත මුළු රටම කාබනික වගාවට යොමු වී ඇති මෙවන් අවස්ථාවක ගොවිබිම්වල පස් පරික්ෂා කිරීම සඳහා අදාළ උපකරණ කට්ටලවල දැඩි අවශ්‍යතාවයක් ඉදිරියේ දී පැන නැගීමට හැකියාව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya