විශ්වාසභංග යෝජනාවට විරුද්ධව මන්‍ත්‍රීවරු 152ක් ඡන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 61කි.ඒ අනුව වැඩි ඡන්ද 91කින් විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් විය.
පසුගියදා ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළකරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණි.