තනි දොරේ බස්රථ හයසියයක් මිලදී ගැනීමට ඇණවුම් කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා, දිවයින පුරා සෑම අතුරු මාර්ගයකම එම බස්රථ යෙදවීමට බලාපොරොත්තු බව කිය.
දුම්රිය බඩු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බව පැවසූ ඇමැතිවරයා, තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය මෙන්ම සිමෙන්ති හා වැලි ප්‍රවාහනයද දැනටමත් අරඹා ඇතැයි පැවසුවේය . තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය දුම්රියෙන් සියයට හැටක් පමණ සිදු කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බවද ප්‍රවාහන ඇමතිවරයා පැවසීය .
රජය දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනාගමන මණ්ඩලය සේවාවක් හැටියට පවත්වාගෙන යන බවද හෙතෙම සඳහන් කළේය .