බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංගය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය
මෙම විශ්වාසභංග යෝජනාව, උදය ගම්මන්පිල මහතාගේ දේශපාලන වශයෙන් ශක්තිමත් බව පෙන්වන විශ්වාසභංගයක් බවත් , රට පත් වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට පැහැදිළි කිරීමට ලැබුණු අවස්ථාවක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම විශ්වාසභංග යෝජනාව මගින් ආණ්ඩුවේ සමඟිය අන් කවරදාටත් වඩා පෙන්වීමට අවස්ථාව ලැබුණු බවද සඳහන් කළේය. රජය අතර තිබෙන මත සහ විසංවාද හරහා දේශපාලනයට පාර කපා ගන්න විපක්ෂයට ඉඩ නොලැබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජීවිත කාලයේ මුහුණ දී ඇති භයානකම වසංගත තත්වයට රට මුහුණ දී ඇති මෙවැනි දුෂ්කර අභියෝගයක් හමුවේ රට ගෙන යන මෙවන් මොහොතක, රට මෙම තත්ත්වයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සතුටු විය යුතු බවද කීය.
මෙම රජය බලයට ගෙන ඒ්මට විශාල කැපකිරීමක් කළ නායකයන් අතුරින් උදය ගම්මන්පිල අමාත්‍යවරයාද කෙනෙකු බව පැවසූ අමාත්‍යවරයා,ඉතා ඉක්මනින්ම තෙල් මිල අඩු කරන අනාගතයක් ගොඩනඟන වැඩපිළිවෙලක් කරා ගමන් කරන බවද කීය.
භාණ්ඩාගාරය හිස් වී,රට මාස ගණන් වසා තිබූ අවස්ථාවක ගුරු වැටුප් විෂමතා විසඳාගත යුතු අවස්ථාව මෙය නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.