තමාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.
මෙම විශ්වාසභංග යෝජනාවේ තමාට ඒරෙහි කිසිදු චෝදනාවක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඛනිජ තෙල් මිල සංශෝධනය කිරීමට බලශක්ති අමාත්‍යවරයාට බලය නොමැති බව පෙන්වා දුන්නේය. රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙය වීමේ බලය ඇත්තේ බලශක්ති අමාත්‍යවරයාට නොවන බව පැවසූ අමාත්‍යවරයා සමස්ත කැබිනට් මණ්ඩලයටම ඒම වගකීම ඇති බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව හෝ නිවැරදි අවබෝධයක් නොමැතිව තමාට එරෙහිව මෙම චෝදනා ඒල්ල කර ඇතැයි කීය.
මෙම විවාදය අතරේ දීත් කිසිදු අමාත්‍යවරයෙකුට තෙල් මිල වැඩිකිරීම හැර ඊට වෙනත් විකල්පයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවද පෙන්වා දුන්නේය.
අදටත් පකිස්ථානයට පසුව තෙල් මිල අඩුම රට ශ්‍රී ලංකාව බවද අමාත්‍යවරයා සඳහන් කළේය. විදෙස් ගත ශ්‍රමිකයින් නැවත මෙරටට පැමිණීම, සංචාරක ව්‍යාපාරය කඩා වැටීම වැනි හේතු නිසා රජයේ ආදායම අඩු වූ බවත් ඒම විනිමය අර්බුදය විසඳා ගැනීමට රජයට සිදු වූ බව පැහැදිළි කළ අමාත්‍යවරයා, විදේශ විනිමය ඉතිරි කර ගැනීමට සහ තෙල් අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ජනතාවට හුරු කරවීමට මෙම තීරණය ගත් බවද කීය.
තමාට ඒරෙහි විපක්ෂය ගොනු කර ඇති චෝදනා දහයම පදනම් විරහිත බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අපේ රටේ තෙල් පිරිපහුදු කිරීම සඳහා රටට අවශ්‍ය තෙල් රට තුළම නිෂ්පාදනය කර ගැනීමේ ව්‍යාපෘතියක් සැළසුම් කර ඇති බවත් මෙමගින් විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බවද පෙන්වා දුන්නේය.