කඩයිම් විභාග දෙකක් අබියස දරුවන් අසරණ වී ඇති බවත් මේ සම්බන්ධයෙන්. ආණ්ඩුවේ විසඳුම කුමක්ද යැයි ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට මෙහිදී ප්‍රමුඛතාවය ලබා දෙන බවද කී අමාත්‍යවරයා ඉන්පසු අදියර වශයෙන් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බවද කීය.
දැනට ආවරණය නොවී ඇති භොතික සහ ජීව විද්‍යා වැනි විෂයන්හි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වීඩියෝ මගින් රූ ගත කර සියළුම විද්‍යුත් මාධ්‍ය සහ ඊ තක්සලාව හරහා දරුවන්ට ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.
ඒ අනුව එළඹෙන ඔක්තොම්බර් මස වන විට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළු සියළු විෂය නිර්දේශ ආවරණය කිරීමට කටයතු කරන බවද අමාත්‍යවරයා කීය. මේ වන විටත් බොහෝ පාසල් විෂය නිර්දේශ ආවරණය කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව ප්‍රධාන ආචාර්යවරුන් ලවා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සකස් කර දරුවන්ට ලබා දීමට කටයුතු කර ඇතැයිද කීය.
රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිළි කළ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසුවේ, එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ ගුරුවරුන්ට ප්‍රමුඛතාවය ලබා දී ඇති බව සහ හැකි ඉක්මනින්ම ගුරුවරුන්ට ඒන්නත ලබා දී අවසන් කරන බවයි. බස්නාහිර පළාතේ ගුරුවරුන් 97%කට මේ වන විට කොවිඩ් එන්නත ලබා දී අවසන් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දින එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ බස්නාහිර පළාතේ ගුරුවරු එන්නත්කර අවසන් කිරීමට හැකි වූ බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.
වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නත ලබා දීමේදී ඒ සම්බන්ධව සෞඛ්‍ය අංශ වල උපදෙස් ලබුණු වහාම වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බවද කීය.
දරුවන්ගේ විභාග කල් දැමීමට රජය කිසිසේත් බලාපොරොත්තු නොවන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා යුද්ධය පැවති සමයේ වුවද විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන ගිය බව පෙන්වා දුන්නේය.
විදේශ ගත වන දරුවන් දහසකට .වැඩි පිරිසකට මේ වන විටත් ෆයිසර් එන්නත ලබා දී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එන්නත්කරණය සාර්ථක කරගනිමින් අධ්‍යාපනය යථාවත් කිරීමට රජය හැකි ඉක්මනින් කටයුතු කරන බවද කීය
ගුරු විදුහල්පති ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා මේ මොහොතේත් සාකච්ඡා කරමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.